සුළුකලිගුදාවත කතාව
දන්තපුරේ රාජා හුත්වා යන තන්හි ඔහු දන්තපුරයෙහි රජ වූ පරිදි කිසේ යැ යත් ? මොහු මුත්නා කලිඟු රජු දවසැ ඔහු දරුවන් දෙදෙනාගේ ලක්ෂණ බලන නෛමිත්තිකයෝ පියා ඇවෑමෙන් මහ කලිඟු කුමරුහු එනුවර රජ වන පරිදි කීහ. සුළුකලිඟු කුමරහු තාපසවෙෂධර වැ ජීවිකා කරන සේ ඔහු පුතකු චක්‍රවර්ති වන සේ කීහු. එක්බිති දෙටපිත් පියා ඇවෑමෙන් රජ විය. කුඩා පිත් යුව රජ වී. එකල්හි සුළුකලිඟුකුමර “මපිතෙක් සක්විති වේලැ” යි පුතු නිසා උපන් අභිමානයෙන්ගර්විත වැ වැටෙයි. රජ ඒ නොවින්දහී ‘එව්හු ගන්ව’ යි යෙදී. එකෙනෙහි චරයෙක් ගොස් “රජ තා ගන්නට යෙදීය. තා දිවි රැකෙන තැනකට පලා යා” යි කී. එකල්හි සුළුකලිගුකුමර තමාගේ හස්මුන්දද් සිහින් පලසද් කගරුවනද්තමහට වැඩ පසස්නා ඇමැත්තක් හට පෑ“මෙසලකුණෙන් මතු ආකලැ ඔව්හට රජය දෙව” යි කියා නුවරින් නික්ම ගම් නියම්ගම් ජනව් මලමඩුලු ගෙවා ගොස් හිමවත් අබියෙසට වැද නිල් අඹරෙහි උල්කාපාත සෙයින් මතැත්යුද්හි දළගැහැටමෙන් නිල්වන අතුරෙන් පලන ගිනිදල බලමින්, මරාසලවටැහි සිඳි වගුළ පියුම්රා මිණි රූ සෙයින් නවසද ලපෙළෙව මත් මුවරජුන් නියපඳුරෙන් පැළුෑ මතැත්කුඹින් මුත් මුතුකැල දක්මින්, මේ ගැබ්හි විදුලිය සෙයින් අහසින් ගොස් වන අත...